Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාව නිසා යළි උතුරු කොරියාවේ හිත රිදෙයි

පවිත‍්‍රා මධුහර්ෂණි




උතුරු කොරියාව යළිත් වරක් අමෙරිකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු කොරියාව පවසන්නේ අමෙරිකාව සිදු කරන ඇතැම් ප‍්‍රකාශයන් මගින් සාමයට බාධා එල්ල වන බවයි. දෙරට අතර ඓතිහාසික සමුළුවක් පැවැත්වීමට නියමිත අවස්ථාවක හමුදාමය තර්ජන සහ පීඩනයන් එල්ල කිරීම නුසුදුසු බවද උතුරු කොරියාව පැවසුවා. 

උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික අවි භාරදෙන තෙක් එරටට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන  බවට අමරිකාව සිදු කළ ප‍්‍රකාශය හේතුවෙන් උතුරු කොරියාව යළිත් ප‍්‍රකෝපයට පත්ව තිබෙනවා. දෙරට අතර පැවැත්වීමට නියමිත සමුළුව සඳහා තවත් සති කිහිපයක් ඉතිරිව තිබෙන බවට වාර්තා පළවුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත අදහසක් දැක්විය නොහැකි බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.