Friday, March 29, 2024

General line - 0115112241

ටුටුකාමන් සොහොන් ගැබේ අභිරහසක් සොයා ගිය ගවේශකයින් අසමත් වෙයි (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




ටුටුකාමන් සොහොන් ගැබේ තිබෙන බවට සැකකළ රහස් කුටීරයක් සොයා සිදුකල ගවේෂණයන් අත්හැර දැමීමට ඊජිප්තු බලධාරීන් ඊයේ (06) පියවර ගෙන තිබුනා.

වසර 3,000 කට වඩා ඉපැරණි ටුටුකාමන් රජුගේ සොහොන් ඝර්භයේ පිටුපස බිත්තියට වන්නට තිබෙන බවට සැකකළ එම කාමරය තවත් එක් සොහොන් ඝර්භයක් යැයි ඔවුන් විශ්වාස කල අතර එය 90%ක් එහි ඇතැයි යන විශ්වාසය පදනම් කරගනිමින් මෙම ගවේෂණය ආරම්භ කර තිබුනා.

1922 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් වන හොවර්ඩ් කාටර් විසින් ටුටුකාමන් රජුගේ සොහොන් ඝර්භය සොයා ගැණුනා.

ගවේශකයින් අනුමාන කලේ එම රහසිගත සොහොන් ගෙය ටුටුකාමන් රජුගේ මව වන නෙෆෙට්ටි රැජිනගේ බවයි.

කෙසේ වෙතත් එහි සිදු කල ගවේශන වලින් එවැනි කිසිදු රහසිගත සොහොන් ගෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව එය මෙහෙයවූ පුරාවිද්‍යාඥයින් සඳහන් කළා.

2015 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් වන නිකලස් රිව්ස්ගේ මතය වුයේ නෙෆෙට්ටි රැජින සඳහා සාපේක්ෂව කුඩා සොහොන් කාමරයක් ටුටුකාමන් රජුගේ සොහොන් ඝර්භය තුලම පිහිටුවා ඇති බව යනුවෙන් ඉදිරිපත් කල නිගමනයත් සමග මෙම ගවේෂණයන් ආරම්භ වුනා.

පුරාණ ඊජිප්තුවේ වඩාත් ජනප්‍රිය කාන්තාව ලෙසට හදුන්වන්නේ නෙෆෙට්ටි රැජිණයි. වසර 3000 ක් ගතව ඇතත් ඇයගේ සොහොන් ඝර්භය තවමත් අභිරහසක්ව පැවතීම ගැන පුරාවිද්‍යාඥයින් පවා විමතියට පත්ව සිටිනවා. කෙසේ වුවත් ටුටුකාමන් රජුගේ සොහොන් ගෙයි තිබී සොයා ගනු ලැබූ නෙෆෙට්ටි රැජිණගේ මුර්ති මේ වන විටත් සංරක්ෂණය කර ඊජිප්තු කෞතුගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිය ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු සිය දරුවා වන ටුටුකාමන් නිසි වයසට පැමිණ ඊජිප්තුවේ පාලකයා වශයෙන් පත්වන කාලය අතර වාරයේදී එරට පාලනය කල පාරාවෝ ලෙස නෙෆෙට්ටි රැජිණ කටයුතු කල බවට පුරාවිද්‍යාඥයින් සැකකරන අතර එම නිසා ඇය පුරාණ ඊජිප්තුවේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙනවා.

පසුගිය වසර දෙක පුරාවට ටුටුකාමන් රජුගේ සොහොන් ඝර්භයේ සිදුකල රේඩාර් ස්කෑන් පරීක්ෂණ වලින් හෙළිවූ කරුණ වුයේ ඔවුන් සැකකළ ආකාරයේ කිසිදු රහස් කාමරයක සලකුණක් එහි තුල නොවන බවයි.

යම් හෙයකින් නෙෆෙට්ටි රැජිණගේ සොහොන් ඝර්භය සොයා ගැනීමට හැකිවූවා නම් එය ඊජිප්තු ඉතිහාසයේ තවත් එක් ප්‍රබල සොයා ගැනීමක් වනවා නොඅනුමාන යැයි පුරාවිද්‍යාඥයින් මත පළකර තිබුනා. කෙසේ වෙතත් ඊජිප්තුවේ පුරාවිද්‍යා අමාත්‍ය කාලිඩ් අල්-අනානි කියා සිටියේ සිදුකල පරීක්ෂණ සම්බන්ධයෙන් ලද ප්‍රතිපල තම රටේ ඉහල බලධාරීන් විසින් පිළිගන්නා බවයි.