Friday, April 26, 2024

General line - 0115112241

පැන යද්දී අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු ඉල්ලයි




අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා, නිදහස් ජීවිතයක් ගතකිරීමේ අදහසින් මාර්තු මස දී විදේශයකට පළා යාමට උත්සාහ කළ බව වාර්තා වුණා.

හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියකගේ සහය කුමරියට ලැබී ඇති බවද ඇතැම් වාර්තා පවසනවා.

ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරනු ලැබීමෙන් අනතුරුව යළි ඩුබායි වෙත හරවා යැවුණ බව සාක්ෂිකරුවෝ පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් පසු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බවද පෙන්වා දෙනවා.

නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඩුබායි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇති බවයි සඳහන් වන්නේ.

කුමරිය අතුරුදන් වීමට පෙර "තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධකවලින් පැනයාමට කල්පනා කරන්නේ යැයි" සිය මිතුරන්ට පවසා ඇති බවද අනාවරණය වී තිබෙනවා.