Saturday, April 20, 2024

General line - 0115112241

ජර්මනියේ වෙසක් සැමරේ

ලලිත් ගංහේවා - බර්ලින් නුවර සිට 




වෙසක් දින සැමරුමක් ජර්මනියේ බර්ලින් නුවර පසුගියදා පැවැත්වුණා. බුදු දහම ජර්මන් ජාතිකයින් අතර ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් වසරක් පාසා සංවිධානය කරන බෞද්ධ දේශනය මෙවර පැවැත්වුනේ ස්ටේග්ලිට්ස් නගර ශාලාවෙයි.

ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රමුඛ සේවක මණ්ඩලය සංවිධාන කටයුතුවල නියැලී සිටි අතර දේශනයට සවන්දීම සඳහා ජර්මන් ජාතික විශාල පිරිසක් පැමිණ සිටියා.

බර්ලින් ෆරෝනෞ විහාරවාසී මහගම සුවිනීත හිමියන් විසින් පැමිණ සිටි පිරිස ආගමික වතාවත්වල යෙදවීමෙන් අනතුරුව බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්‍ෂිත දේවානන්දාභිධාන ජර්මනියේ සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ විසින් ජර්මන් භාෂාවෙන් මෛත්‍රි භාවනා වැඩසටහන මෙහෙය වූවා.

ඉන් අනතුරුව ජර්මන් ජාතික ථෙරවාදී බෞද්ධ භික්‍ෂුවක වන සන්තුට්ටෝ හිමියන් සහ ඔස්ට්‍රියාවේ වියනා නුවර ඤෘනපොනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියන් ජර්මන් භාෂාවෙන් දේශන දෙකක් පැවැත්වූ අතර දේශනා වලින් පසුව පැමිණ සිටි සියළු දෙනාට දන්සැලක් පිරිනැමුනා. එයද ජර්මන් ජාතිකයන්ගේ නොමද ප්‍රසාදයට ලක් වුනා.

මිට අමතරව බර්ලින් ෆ්රෝනෞ විහාරයේ සිල් සමාදන් වීම සහ බර්ලින් ශ්‍රී ලංකා සංගමය විසින් භක්ති ගී වැඩ සටහනක් ද ඉදිරිපත් කළා.