Tuesday, April 23, 2024

General line - 0115112241

වසර 04 කට පසුව ලෝක වෙළදපලේ ඉන්ධන මිල ඉහළට : ඉන්ධන හිගයක් ඇතිවීමේ අවධානමක් අතළඟ

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරානය සමග 2015 වසරේදී ඇති කර ගනු ලැබූ නයෂ්ටික වැඩපිළිවල පිළිබද ගිවිසුම අත්හැර දැමීමට හා යලි සම්බාධක පැනවීමේ අදහසක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පවතින සුදානමත් සමග ලොව ඉන්ධන මිලෙහි සිග්‍ර ඉහල යාමක් සිදුව තිබෙනවා.

අද (07) දිනයේදී ආසියානු වෙළදපලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 ඉක්මවූ බවයි වාර්තා වන්නේ. චීන වෙළදපලේ බොරතෙල් බැරලයක මිල අද (07) සටහන් වුයේ අමෙරිකානු ඩොලර් 72.54 ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් තැරැව්කාර වෙළදපලේ අද තෙල් බැරලයක මිල ඇ.ඩො.75.63 ක් ලෙස ඉහල ගොස් තිබුනා.මිට පෙර බොරතෙල් බැරලයක ඉහලම මිල සටහන් වුයේ ඇ.ඩො. 75.89 ක් ලෙස වූ අතර ඒ 2014 වසරේ නොවැම්බර් මාසයේදී. 

වෙනිසියුලාවේ පවතින අර්බුධකාරී වාතාවරණය හා ඉරානයට අමෙරිකාව විසින් සම්බාධක පැනවීම ගැන ඇතිවී තිබෙන ප්‍රචාරයත් සමග බොරතෙල් බැරලයක මිල උපරිම අගයකට යෑම වලක්වාගත නොහැකි බව ඉන්ධන තරව්කරුවන් සඳහන් කරන්නේ.

 මේ අතර විශ්ලේෂකයින් පවසන්නේ අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සම්බාධක පැනවුවහොත් ඉරානය විසින් දෛනිකව නිපදවනු ලබන බොර තෙල් බැරල් මිලියනයක් ලෝක වෙළදපලට අහිමි වීමේ ඉඩකඩ පවතින බවයි.

ඒ අනුව ඉන්ධන මිලෙහි ඉහල යාමක් මෙන්ම දැඩි ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ඔවුන් සඳහන් කරනවා. 

එයට තවත් හේතුවක් වන්නේ ජාත්‍යන්තර ඔපෙක් සංවිධානය සහ රුසියානු ඉන්ධන සමාගම් 2018 වසරේ සිට සිය නිෂ්පාදන සිමා කිරීමට පියවර ගැනීමත් සමගයි.