Saturday, April 20, 2024

General line - 0115112241

දෙවන සැසිවාරය ඇරඹීමට පෙර පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ සූදානමක් (PHOTOS)

සමන්ත කුමාර/පසන් වික්‍රමතිලක




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල්දැමූ 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඒ වෙනුවෙන් මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට විශේෂ සූදානමකින් තබා තිබෙනවා.

ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විශේෂ ගෞරවාචාර මධ්‍යයේ ඒ සඳහා කැඳවාගෙන එනු ඇති. 

මෙම උත්සවයේදී යුද හමුදාව විසින් සම්මාන ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමටද නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ මංගල රැස්වීමට කැඳවාගෙන ඒමට නියමිතයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරුවේ 2.15ටයි. 

අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.