Friday, March 29, 2024

General line - 0115112241

මහ වැස්සේ වනරාජා වත්තේ රිය අනතුරක් (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් කැබ් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා. අද (08) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වි  ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් වනරාජා වත්ත දිය.

බගවන්තලාවේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වු කැබ් රථය මුහුණට මුහුණලා ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසනවා. අධික වේගයෙන් ධාවනය වි ඇති කැබ් රථය ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමගම  ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන්  ඉදිරියට ධාවනය වෙමින් තිබු බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත් වන හැටන් පොලිසිය කියා සිටියා.

අනතුරින් කැබ් රථයට දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.