Thursday, March 28, 2024

General line - 0115112241

කොළඹ පරදා ගාල්ලට විශිෂ්ඨ ජයක්




අන්තර් පළාත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර අද පැවති තරගයෙන් ලකුණු 147ක ජයක් ලැබීමට ගාල්ල කණ්ඩායම අද (08) සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 05ක් දැවී ලකුණු 347යි.  එහිදී සධීර සමරවික‍්‍රම පන්දු 118ක දී ලකුණු 130ක් රැස්කළා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 4කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි.

තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.