Friday, March 29, 2024

General line - 0115112241

පැමිණිළි ඇත්නම් ඉදිරිපත් කරන්න - ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවට දැනුම් දෙයි (UPDATE)




අධිකරණ හෝ විනිසුරුවරුන්ගෙන් යම් අගතියක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට පසුබට නොවන්නැයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවට දැනුම් දෙනවා.

ලබන 21 වැනිදා සිට 27 වැනිදා දක්වා ක‍්‍රියාත්මක නීති සතිය ඒ සඳහා ආරම්භයක් කර ගන්නා ලෙයසි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පැවසුවේ. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයට එක්වෙමින්. 

වෘත්තීය ගෞරවයට හානිවන ආකාරයෙන් සේවාදායකයින්ට අගතියක් වන ආකාරයෙන් කටයුතු කරන විනිසුරුවරුන්ට එරෙහිව පියවර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නීතිඥවරුන්ගෙන් සහ අධිකරණ තුළදී සිදු වන අසාධාරණ පිළිබඳ නීති සතියේ දී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය දැනුවත් කිරීම සඳහා දුරකතන අංක කිහිපයක් ද වෙන්කර දී තිබෙනවා. 0777 23 53 63, 0113 133 864 හා 0113 133 872 එම දුරකතන අංකයි.

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)  

-----------------------------------

විශේෂ අධිකරණ පිහිටුවන සංශෝධිත පනත අද පාර්ලිමේන්තුවට

(09-05-2018 06:40)

 

සංශෝධිත අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09) ඉදිරිපත් කෙරෙනවා.

මුල් කෙටුම්පතේ පැවති අඩුපාඩු සමහරක් අද ඉදිරිපත් කෙරෙන මෙම කෙටුම්පතෙන් නිවැරදි කර ඇති බවයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ.

එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ දී ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළා. 

මේ අතර ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවේ අද ඉදිරිපත් කෙරෙන කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂිත විශේෂ අධිකරණ තුළින් නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමට හැකි වන බවයි.

එහිදී නඩු දිනපතා විභාගයට ගැනෙනු ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා. මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජයට හැකියාව ඇති බවයි.

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)