Friday, April 19, 2024

General line - 0115112241

උතුරු කොරියා චීන නායකයින් මාස 1 1/2කට පසු යළි හමුවෙති - අනාගතය ගැන දෙපාර්ශවයෙන්ම පොරොන්දු

චම්ලි ඒකනායක - විදෙස් පුවත් අසුරෙනි




චීන ජනාධිපති ෂී ජින්ග්පිං සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර සාකච්ඡාවක් පෙරේදා (07) සහ ඊයේ (08) දිනවල චීනයේ දාලියන් නගරයේ දී පවත්වා ඇතිබව ෂින්හුවා ප්‍රවෘත්ති සේවය පවසනවා.

පසුගිය 07 වැනිදා චීනයට පැමිණි උතුරු කොරියානු නායකයා සහ චීන ජනපති වරයාගේ  සාකච්ඡාවල විශේෂ අවධානය යොමුවී ඇත්තේ කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ඨික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම සහ කොරියානු අර්ධද්වීපයට දීර්ඝකාලීන සාමයක් ගෙනඒමයි.

චීන ජනාධිපතිවරයා උතුරු කොරියාව  ආර්ථික සංවර්ධනය සම්බන්ධව ගෙන ඇති  උපායමාර්ග සඳහා සිය උපරිම සහය දක්වන බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකාව යළිත් වරක් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පවනව බවට අනතුරු අඟවා තිබියදී මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඉකුත් මාර්තු අග භාගයේ චීනයේ දින 4ක නිල නොවන සංචාරයකද නිරත වුණා