Friday, April 26, 2024

General line - 0115112241

උතුරු කොරියාව සිරගත කර සිටි අමෙරිකානුවන් තිදෙනා නිදහස් කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වලට සම්බන්ධ බවට චෝදනා කරමින් උතුරු කොරියාවේදී අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි අමෙරිකානු ජාතිකයින් තිදෙනාව මිට සුළු මොහොතකට පෙර නිදහස් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

උතුරු කොරියානු රාජ්‍ය නායකයා සමග තවත් නොබෝ දිනයකදී අමෙරිකානු ජනාධිපතිවරයා ගේ හමුව හා එයට අදාළ සුදානම ගැන සාකච්ජා කිරීම සඳහා උතුරු කොරියාව බලා ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ විසින් එම නිවේදනය තහවුරු කර සිටියා.

සිය සාකචිජා අවසානයේදී නිදහස් කල අමෙරිකානුවන් තිදෙනා සමග අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා යලි සිය රට බලා ඒමට නියමිත බවද අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර තිබෙනවා.

අමෙරිකාව සමග සාකච්ජා ඇරඹීමට පෙර උතුරු කොරියානු නායකයා ගනු ලැබූ මෙම පියවර ජාත්‍යන්තර විශ්ලේෂකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

උතුරු කොරියාව විසින් අත්අඩංගුවේ පසුව නිදහස ලැබූ අමෙරිකානු ජාතිකයින් තිදෙනා වන්නේ Kim Hak-song, Tony Kim සහ දේවගැති Kim Dong-chul යන අයවළුන් වෙයි. මෙයින් දේවගැති Kim Dong-chul හට බරපතල වැඩසහිතව වසර 10 ක සිරදඩුවම් එරට අධිකරණය විසින් නියම කර තිබුනා.