Friday, April 19, 2024

General line - 0115112241

ලෝක වාර්තාවක්ද සමගින් මැලේසියානු මහ මැතිවරණයේ ජය විපක්ෂයට (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




දශක 06 කට අධික කාලයක් බලයේ සිටි බාරීසන් ජාතික ලීගය (Barisan Nasional coalition) පරදවමින් මැලේසියානු මහ මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට හිටපු අගමැති මහතීර් මොහොමඩ් ගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයට හැකිවුනා.

පාර්ලිමේන්තුවේ ආසන 115 ක් මේ අනුව ජය ගැනීමට මහතීර් මොහොමඩ් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හැකිවූ බව එරට මැතිවරණ කොමිසම ඊයේ (09) තහවුරු කළා. මැලේසියාවේ බලය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව තුල ආසන 112ක් ජය ගැනීම අනිවාර්ය වෙයි.

91 හැවිරිදි මහතීර් මොහොමඩ් අද (10) දින මැලේසියානු අගමැතිධුරයේ දිවුරුම් දීමට නියමිත අතර, ඒ අනුව මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා වීමේ ගෞරවයද ඔහුට හිමිවනවා.

මැතිවරණ ජයග්‍රහණයත් සමග එරට නගරපුරා ආධාරකරුවන්ගේ සැමරීම් දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. අද සහ හෙට (11) දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කිරීමටද මැලේසියානු බලධාරීන් නියෝග කරනු ලැබුවා.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය අමතමින් මහතීර් මොහොමඩ් කියා සිටියේ " අපට අවශ්‍ය එකට එක කිරීම නොව රටේ නිතිය හරි හැටි ක්‍රියාත්මක කිරීම පමණයි" යනුවෙන් ප්‍රකාශ කළා.