Saturday, April 20, 2024

General line - 0115112241

සිරියානු රේඩාර් පද්ධතිය විනාශ කරමින් ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක් (PHOTOS/ VIDEOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරියානු ගුවන් ආරක්ෂක මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන, රේඩාර් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩාවන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය අද (10) මිසයිල් ප්‍රහාරයක් එල්ල කල බව සිරියානු මාධ්‍ය විසින් වාර්තා කරනවා.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන් ගෙන් ඇතැම් ඒවා බිම හෙලීමට සිරියාව සමත් වුවත් ඇතැම් මිසයිල නියමිත ඉලක්ක වලට එල්ලවී තිබෙනවා.  

ඊශ්‍රායෙල් මිසයිල් ප්‍රහාරයෙන් සිරියානු රේඩාර් මධ්‍යස්ථානයක්ද විනාශවූ බවට එරට මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායාලය සඳහන් කලේ ගෝලියාන් කදුකරයේ පිහිටි තම හමුදා කදවුරු වෙතට සිරියාවේ රජයේ හමුදාවන්ට සහය දක්වන ඉරාන අල්-කුඩ්ස් සටන්කාමින් විසින් මිසයිල් ප්‍රහාර 20ක් එල්ල කල බවයි.

ඊශ්‍රායාලය මිට පෙර සිරියාවට අනතුරු අඟවා තිබුනේ සිය ගුවන් යානා වලට සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් මොනයම් හෝ අනතුරක් එල්ල වුවහොත් එයට ප්‍රති උත්තර දීමට තමන් පසුබට නොවන බවයි.