Thursday, April 25, 2024

General line - 0115112241

චෝදනා එල්ල වන කනිෂ්ඨ කණ්ඩායම් කළමනාකරු ජපානෙත් යයි

කසුන් කැලුම්




චෝදනාවට ලක්ව සිටින කණිෂ්ඨ මළල කි‍්‍රඩා කළමනාකරු ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා තරගාවලයේ කළමනාකාරු ලෙසද නම් කර ඇති බව නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වනවා. අනිල් වීරසිංහ නැමැති මෙම කළමනාකරු සිදුකර ඇති කි‍්‍රයා සම්බන්ධයෙන් ඉකුත් දා මාධ්‍ය මගින් අනාවරණයක්ද සිදු කළා. මෙම කළමනාකාරුගේ කි‍්‍රයාකලාපය හේතුවෙන් දකුණු ආසියානු කණිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියට එක්වූ කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් රැසක් කණස්සල්ලට පත්ව ඇති බවයි එහිදී වාර්තා කර තිබුණේ. කණිෂ්ඨ මළල කි‍්‍රඩා කළමනාකරුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග තමන් කැදවා සාකච්ඡා කරන බවයි කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ. මෙවර ජපානයේ පැවැත්වෙන කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය සදහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු එක්ව සිිටිනවා.  

කෙසේ වෙතත් මෙවර දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්රීිඩා ශූරතාවලියේ දීල 1994 දී සුසන්තිකා ජයසිංහ හා දමයන්තී දර්ශා අතුළු කණ්ඩායම පිහිටුවා තිබූල මීටර් 100 සහාය බාලිකා ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව බිඳ දමමින් රන් පදක්කම දිනා ගත් මීටර් 100 බාලිකා සහාය දිවීමේ කණ්ඩායම ජපානයේ පැවැත්වෙන් ආසියානු කනිෂ්ඨ මලල ක්රීදඩා ශූරතා තරගාවලියට නම් කර නැහැ.

නිර්දේශිත කණ්ඩායම
01. අරුණ දර්ශන :අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසල – මීටර් 200, 400 හා 400 සහාය දිවීම
02.    පසිඳු කොඩිකාර :කුරුණෑගල මලියදේව – මීටර් 400 කඩුලු, 400 සහාය දිවීම
03.    පබසර නිකූ :කොළඹ නාලන්දා විද්‍යාලය – මීටර් 400 සහාය දිවීම
04.    රවිෂ්ක ඉන්ද්‍රජිත් - කොටහේන ශාන්ත බෙනඩික්ට් වි. – මීටර් 400 සහාය දිවීම
05.   හර්ෂ කරුණාරත්න -වලල ඒ. රත්නායක  – මීටර් 800 හා මීටර් 400 සහාය දිවීම
06    තරිඳු දසුන් -ගාල්ල මහින්ද විද්‍යාලය – උස පැනීම
07    අමාෂා ද සිල්වා - මහනුවර ස්වර්ණමාලි බා.වි. – මීටර් 100, 200 හා 400 සහාය දිවීම
08    දිල්ෂි කුමාරසිංහ -වලල ඒ. රත්නායක ම වි  – මීටර් 400ල 800 හා 400 සහාය දිවීම
09    රුමේෂි - අත්තිඩිය -නුගේගොඩ ලයිසියම් වි – මීටර් 400 සහාය දිවීම
10    සචිනි දිව්යාංිජලී - වත්තල ලයිසියම් වි – මීටර් 400 සහාය දිවීම
11    සඳුමිණි බණ්ඩාර - කෑගල්ලශාග‍ ජෝශප් වි – මීටර් 400 සහාය දිවීම
12    රිද්මා නිෂාදි - අම්බලන්ගොඩ ධර්මාශෝක වි– දුර පැනීම

පුහුණුකරුවන්
සංජීව වීරක්කොඩි
අසංක රාජකරුණා

කාන්තා කන්ඩායම් භාර නිලධාරිනිය
යමුනා රත්නායක