Friday, March 29, 2024

General line - 0115112241

ඉරාණය අමරිකාවට අනතුරු අඟවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉරාණය අමරිකාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා කොමීනි පවසන්නේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී අමරිකාව අත්වැරැද්දක් සිදු කර ඇති බවයි.

අමරිකාව විශ්වාස නොකරන ලෙස තමන් ඉරාණයට පැවසූ බවද ආධ්‍යාත්මික නායකයා චෝදනාත්මක ප‍්‍රකාශ කළා. අදාළ න්‍යෂ්ටික ගිවිසුම දීර්ඝ කර ගැනීමට පෙර යුරෝපානු නායකයින්ගෙන් කොන්දේසි පිළිබඳ සහතිකයක් ලබා ගන්නා ලෙසයි ඔහු ඉරාන රජයට දැනුම් දෙන්නේ.