Friday, March 29, 2024

General line - 0115112241

ජිවත්වුවා ඇතැයි කියා දිවිගමනට සමුදුන් අපුරු විද්‍යාඥයා : මැරෙන මොහොතේ සංගිතය රසවිදලා

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජිවත් විම ඇති කියා ස්වකැමැත්තෙන් ජිවන ගමනට ආයුබෝවන් කියු අපුරු විද්‍යාඥයෙක් සම්බන්ධයෙන් පුවතක් ස්විට්සර්ලන්තයෙන් වාර්තා වුනා.

අවුරුදු 104ක් වයසැති ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයෙක් වන ඩේව්ඩ් ගෝඩල් තමන් ජිවත්වු කාලය ඇති බව පවසා සියදිවි තොර කර ගැනිම සදහා මීට සති දෙකකට ඉහතදී සිය උපන් රට වන ඕස්ට්‍රේලියාවේ සිට ස්විට්සර්ලන්තය බලා පැමිණියා.

ඒ ස්විට්සර්ලන්තයේ නිතිගත කර තිබෙන " දුක්නොවිද සිය ජිවිතය අවසන් කර ගැනිමේ ක්‍රමවේදය (euthanasia)" හරහා සිය ජීවන ගමන නිමා කර ගැනිමේ අභිප්‍රාය පෙරදැරි කරගෙනය.

ඒ අනුව අද (10) උදෑසන ඕස්ට්‍රේලියානු විද්‍යඥවරයාහට සිය ජිවන ගමන අවසන් කිරිමට අවසර ලැබුනා. 

ස්විට්සර්ලන්තයේ, බාසෙල් හි පිහිටි " Life Circle clinic" නම් සායනයේදී වෛද්‍යවරයෙක් ගේ අධික්ෂණය යටතේ එන්නත් කරන ලද අන්තරායකාරී ඖෂධයක ආධාරයෙන් ඔස්ට්‍රේලියානු ජාතික ඩෙවිඩ් ගෝඩල් සිය ජිවන ගමනට සමුදුන්නා. 

"ඇත්තට ඔහු මිය ගියේ ඔහුගේ ප්‍රියතම වාදනය වන ලුඩ්විග් වෑන් බීතෝවන් ගේ  " " නම් සංගිතයට අහුම්කන් දෙමින් බවයි ඩේවිඩ් ගෝඩල්ගේ අවසාන අවස්ථාව නිරික්ෂණය කිරිමට පැමිණ සිටි Exit International සාමාජිකයින් විදෙස් මාධ්‍ය අමතා කියා සිටියා.

සිය අවසාන සම්මුඛ සාකච්ජාව ලබා දෙමින් මේ අපුරු විද්‍යාඥයා කියා සිටියේ තමන් මරණයට බිය නොවන බවත්, එය වැළද ගැනිමට ඉතා ආශාවෙන් බලා සිටින බවයි. ජිවිතය තොර කර ගැනිම ගැන විමසු විට එයට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවය හා ඇවිදිමේ ඇති අපහසුතාවයත් සමග තවත් ජිවිත් විමේ අවශ්‍යතාවයක් තමන්ට නොවන බවයී.

දක්ෂ ගත්කතුවරයෙක් මෙන්ම කීර්තිමත් උද්භිද හා පාරිසරික විද්‍යාඥයෙක් වන ඩේවිඩ් ගෝඩල් හට ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමනු ලබන "ගෞරවාන්විත පුරවැසි" සම්මානයෙන්ද පුදනු ලැබු අයෙක්ද වනවා.