Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානු හා උතුරු කොරියානු නායකයින්ගේ හමුව ජුනි 12

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සහ තමන් අතර හමුව ජුනි 12 වෙනිදා සිංගප්පුරුවේදී සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිට සුළු මොහොතකට පෙර ට්විටර් පණිවිඩයක් හරහා තහවුරු කර සිටියා.

" ලෝක සාමයට මෙම හමුව ඉතා වැදගත් බවක් එක් කිරීමට අප දෙපාර්ශවයම කටයුතු කරනවා" යැයි ජනාධිපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සිය ට්ව්ටර් පණිවිඩය මගින් සඳහන් කර තිබුනා.

මෙම රාජ්‍ය දෙකේ කිසිදු රාජ්‍ය නායකයෙකු මිට පෙර හමුවී නොමැති නිසා මෙම සමුළුව වැදගත් සන්ධිස්ථානයක් වන බවයි ජාත්‍යන්තර දේශපාලක විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

ඊයේ (09) දිනයේදී උතුරු කොරියාව විසින් තම සිරභාරයේ සිටි අමෙරිකානු සිරකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමෙන් අනතුරුව මෙම හමුව පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ස්ථිර කිරීමට ක්රියාකිරීමද සුබවාදී කරුණක් වනවා.

පසුගිය මාර්තු මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් විසින් තමන්හට අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ යුතු බවට මුලින්ම නිවේදනය කළ අතර එම ආරාධනය ජනාධිපති ට්‍රම්ප් විසින් පිළිගනු ලැබුවා.