Friday, April 19, 2024

General line - 0115112241

රඹුක්කන - බදුල්ල ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් (PHOTOS)(UPDATE)

රංජිත් රාජපක්ෂ




රඹුක්කන සහ බදුල්ල අතර දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

------------------------

දුම්රිය හදිසියේ නතර වෙයි - ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක (PHOTOS)

(11-05-2018 06:53)

 

නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය හදිසියේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම නිසා දුම්රිය දෙකක් අතරමග නතර කිරීමට සිදුව තිබෙනවා.

ඒ, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රියයි.

මෙම දුම්රිය දෙක අද (11) අලූයම 1.30ට පමණ  නාවලපිටියට ළඟා වුණා. එහෙත් සංඥා නොලැබීම හේතුවෙන් දුම්රිය දෙකෙන් එකක්වත් ඉදිරියට ධාවනය නොවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. දුම්රියවල පැමිණි මගීන් මේ නිසා නොසන්සුන්තාවට පත්වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව ද යොදා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර රඹුක්කන සහ බදුල්ල අතර දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් මේ වනවිට වැඩවර්ජනයක යෙදී සිටින බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා. මේ හේතුවෙන් රඹුක්කනින් ඇරඹෙන කාර්යාලීය දුම්රිය කිහිපයක් ද ඇතුළුව දුම්රිය සමහරක් ප‍්‍රමාද වී ධාවනය වනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.