Tuesday, April 23, 2024

General line - 0115112241

යක්කලමුල්ලේ වතුර ප්‍රශ්නයක් නැහැ! මේ ළිඳ අපිට බොන්නත් මදි! පරස්පර විරෝධි කතා කියමින් ප්‍රදේශිය සභා සභාපති පවුලකට බීමට ජලය නැති කරයි (PHOTOS)

ලලිත් චාමින්ද - ගාල්ල




වසර දහතුනක් තිස්සේ යක්කලමුල්ල  ප්‍රාදේශීය සභාව සතු ඉඩමක පිහිටි ළිදකින් මෝටරයක් යොදාගෙන පානිය ජල පහසුකම් සපයාගත්  පුද්ගලයකුට  එම ළිදෙන් ජලය ලබා ගැනිම ප්‍රාදේශීය සභාව මගින් නතර කිරිමට විරෝධය දක්වා අද (11) ගම්වාසීන් පිරිසක් එම ළිඳ අසලට ගොස් විරෝධතාවයක නිරතවුණා.

ප්‍රාදේශීය සභා කාර්යාල ගොඩනැගිල්ලට පහළින්  පිහිටි කැරන්ගහවිල  වත්තේ මෙම ළිඳ  තිබෙන අතර මෙකි පුද්ගලයා වසර 13කටත් අධික කාලයක සිට  මෝටරයක් යොදාගෙන ජලනල  දමා පානිය ජලය නිවසට ලබාගෙන ඇත.  

යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මගින්  මෙම  ළිදෙන් ජලය ලබා ගැනිම නතර කරන ලෙස මෙම පුද්ගලයාට දැනුම් දී, ළිදට දමා ඇති බට ඉවත්කරගැනිම සඳහා ප්‍රාදේශීය සභාව මගින් මාසයක පමණ කාලයක් මෙකි පුද්ගලයාට ලබා දි ඇත. ඔහු එම කාලය තුළ ළිදට දමා තිබු  ජලය ලබාගැනිමට යොදාගත් ජල නල ඉවත්කර නොගැනිම නිසා ප්‍රාදේශීය සභාව විසින් එම බට කඩා ඉවත්කොට තිබෙනවා.


 මෙයට විරෝධය දක්වා  ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී  බන්දුලාල බණ්ඩාරිගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේල ජලය ලබාගත් පුද්ගලයා වන  එම් කේ ධර්මසිරි ඩයස් ඇතුළු යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු මෙම විරෝධතාවයේ නිරත විය.

විරෝධතාවයට පළමුව බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභා කාර්යාලයට ගොස් යක්කලමුල්ල ප්රට දේශිය සභාවේ සභාපති යු.ජි පියදාස හමුවි මේ ගැන සාකච්ඡා කළද එය සාර්ථක නොවුනිසා  ළිඳ  අසලට පැමිණ විනාඩි 45ක්පමණ විරෝධතාවයේ නිරතණා.

පසුව මන්ත්‍රීවරයා විසින් මෙකි පුද්ගලයාට ළිදක්  අලුතෙන් කපාගැනිම සදහා මුදල් පරිත්‍යාගයක්ද කරණු ලැබුවා.

"තනිකරම දේශපාලන පළිගැනිමක්ග පොහොට්ටුව පිපෙන්නත් කලින් මෙහෙම පළි ගන්නවානම් පිපුනාට පසු කො හොම පළිගනිවිද? ඇත්තටම  ඩයස් මහත්තයාගේ තාත්තා තමයි මෙම ළිද කපලා තියෙන්නේ වසර විස්සකටත් අධික කාලයක් තිස්සේ  ඩයස් මහතාගේ  පවුලේ අය ජලය සපයාගෙන තියෙන්නේ මෙම ළිදෙන් 2006 වර්ෂයේ දි  මෙම පුද්ගලයාට පානිය ජලය ලබා ගන්න ලිඛිත අවසරයක් පවා සභාවෙන්  දිලා තියෙනවා. නමුත් පොහොට්ටුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගත් පසු කළේ  මේ ළිදෙන් ජලය ලබා ගැනිම නතර කිරිමයි. මේ පුද්ගලයාගේ පවුලේ ඉන්නේ හතර දෙනයි. මෙය මානුෂික ප්‍රශ්නයක්" යැයි මන්ත්‍රීවරයා පැවසුවා.
 

මේ පිළිබද යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යු.ජි. පියදාසගෙන්ද අප මේ පිළිබඳව විමසුවා.

" මේ ළිද පිහිටලා තියෙන්නේ ප්‍රාදේශී සභාව සතු ඉඩමක. මෙය සභාව සතු දේපලක්. මේ ළිදේ වතුර ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයට පවා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මෙම පුද්ගලයාට අපි කිවා අලුතෙන් ළිදක් කපාගන්න ප්‍රාදේශීය සභාවෙන් කම්කරුවන් දෙදෙනෙකු  දෙන්නම් කියලා. ඒ නිසා මාසයක් ඇතුලත ජලය ලබාගැනිමට ළිදට දමා ඇති බට ඉවත්කරගන්න කියලා. නමුත් ඔහු එක කළේ නැති නිසා ජලය ලබාදිම විසන්දි කළා. එක් පුද්ගලයෙකුට සභාවේ සම්පත් පරිහරණය කරන්න දෙන්න බැහැ. අනික යක්කලමුල්ලේ ජල ප්‍රශ්නයක් නැහැ. සභාවේ සම්පත් අපහරණය කරන්න කාටවත් දෙන්න බැහැ." යැයි සභාපතිවරයා පවැසුවා.