Friday, April 19, 2024

General line - 0115112241

මිරිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවතට (PHOTOS)




මිරිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අද (11) සිදු කෙරුණා. 

මිරිස්ස වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර හෝටල් 18ක් කඩා ඉවත් කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් පසුගියදා නියෝග කෙරුණා. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා වෙතටයි.

වෙරළ සීමාවේ මුහුදේ සිට ගොඩබිමට ඇති මීටර් 300ක භූමි ප‍්‍රදේශය තුළ ගොඩනැගිලි ඉදිකිරීම තහනම් වනවා. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලෙස නියෝග කර ඇත්තේ එම නීති උල්ලංඝණය කරමින් ඉදිකර ඇතිි හෝටල් 18ක්.