Friday, April 19, 2024

General line - 0115112241

මිලියන 02 ක විදුලි බිලක් නිසා ජිවිතෙන් වන්දි ගෙවූ එළවලු වෙළෙන්දා

දිනුක් හේවාවිතාරණ




සිය නිවසේ මාසික විදුලි බිල ලෙස රුපියල් 2000,000/= ක බිලක් ලැබීම හේතුවෙන් ඇතිවු සිත් තැවුලෙන් එළවලු වෙළදාමේ යෙදී සිටි පුද්ගලයෙක්  සියදිවී හානි කර ගෙන ඇති බවට වාර්තා වනවා.

ඉන්දියාවේ, මහාරාස්ට ප්‍රාන්තයේ ජිවත් වන ජගන්නාත් ශේල්ක් නම් 36 හැවිරිදි මෙම පුද්ගලයා සියදිවී හානිකර ගැනීමට පෙර සිය නිවසේ විදුලි බිල ඉහල යාම දරාගත නොහැකි බව පවසමින් ලිපියක් ලියා, ඒ සමග තමන්ට ලද විදුලි බිල්පත්ද අමුණා තබා තිබියදී පසුව සොයා ගෙන තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ ජගන්නාත් විසින් පසුගිය සති කිහිපය තුල අවස්ථා රැසකදී ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිළධාරින් මුණගැසී තමන්ට සිදුව ඇති අකරතැබ්බය ගැන පැමිණිලි කලත් ඔවුන් එය සැලකිල්ලට ගෙන නොමැති බවත් පසුව ඇතිවූ සිත්වේදනාව මත මෙවැනි තීරණයකට එළඹෙන්නට ඇති බවයි. කෙසේ වුවත් ඔහුගේ පවුලේ සාමාජිකයින් චෝදනා කරන්නේ ජගන්නාත් ගේ මරණයට ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය වගකිවයුතු බවයි.

පසුව සිදුකල විමර්ශනයකදී හෙළිවී තිබෙන්නේ ජගන්නාත් ගේ නිවසේ මාසික විදුලි බිල රුපියල් 6448/- ක් බවත්, විදුලි බිල්පත් නිකුත් කිරීමට පැමිණි මනු කියවන්නාගේ අතපසු වීමක් හේතුවෙන් මේ ආකාරයෙන් වැරදි බිල්පතක් නිකුත්වී ඇති බවයි.

සිදුවී ඇති අතපසුවීමට හේතු වූ මනු කියවන්නාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහාරාස්ට ප්‍රාන්ත විදුලි ඉංජිනේරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.