Thursday, March 28, 2024

General line - 0115112241

අයි පී එල් තවත් තරග දෙකක් අද

තරංග රුක්ෂාන් ජයසේකර




අයි පී එල් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද (13) පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් හා සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි. මෙම කණ්ඩායම් දෙක මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. අනෙක් තරගය මුම්බායි ඉන්දියන් සහ රාජස්තාන් රෝයල් යන කණ්ඩායම් අතර පැවැත්වෙනවා. තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු තබාගැනීමට නම් මෙම කණ්ඩායම් දෙකට අද තරගය අතිශය වැදගත් වනවා.