Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ දූවිලි කුණාටුව ජීවිත 61ක් බිලි ගනී (UPDATE)




ඉන්දියාවේ ප‍්‍රාන්ත හතරකට ඉකුත් ඉරිදා සිට බලපාමින් ඇති දූවිලි කුණාටුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එළඹෙන දින කිහිපයේදීත් මෙම අයහපත් කාලගුණ තත්ත්වය තවදුරටත් බලපානු ඇති බවටයි එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

ආන්ද්‍ර, බටහිර බෙංගාලය, උත්තර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලින් මෙන්ම දිල්ලි නුවරට ද මෙම දූවිලි කුණාටු තත්ත්වය දරුණු ලෙස බලපාමින් තිබෙනවා. ඒ හේතුවෙන් දිල්ලි නුවර ගුවන් ගමන් කටයුතු සඳහාද බාධා එල්ල වී ඇතැයි සඳහන්.

-------------------------

ඉන්දියාවට දූවිලි කුණාටුවක් සමග ධාරාණිපාත වැස්සක් එයි

(14-05-2018 05:48)

 

ප්‍රබල සුළි කුණාටුවක් උතුරු ඉන්දියාව දෙසට කඩා වැදී තිබෙනවා.

එරට නවදිල්ලි නුවරට දූවිල කුණාටුවක් කඩා වැදී පසුව ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරන්නේ. 
 
සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 70ත් අතර අගයක් ගත් බව ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
 
දූවිලි කුණාටුව සහ ධාරාණිපාත වර්ෂාව නිසා ගුවන් යානා 40ක් පමණ හරවා යෑමට සිදු වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ප්‍රබල සුළි කුණාටුවක් හමා යනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා කාර්යාලය පසුගිය සතියේදී ප්‍රාන්ත 13කට අනතුරු අඟවා තිබුණා.