Thursday, March 28, 2024

General line - 0115112241

මලයාසියාවේදී පදක්කම් දිනූ සිංහ පැටවු අද දිවයිනට

කසුන් කැලුම්




මලයාසියානු විවෘත මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් හා රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.

විනෝජ් සුරංජය පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගීවෙමින් රන් පදක්කම දිනාගත්තේ පුද්ගලික දක්ෂතාව ලෙස තත්පර 10.27 ක කාලයක් වාර්තා කරමින්.

ඔහු එහිදී මලයාසියාවේ අංක එකේ කෙටිදුර ධාවකයා ලෙස සැලකෙන කයිරුල් හෆීස් ජන්ටන් පරාජය කිරීම එරට ප්‍රධාන පුවත්පත් වල පවා වාර්තා වුණා.

රුමේෂිකා රත්නායක මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තා.

මීටර් 400 ඉසව්වට සහභාගීවූ කාලිංග කුමාරගේ අවසන් තරගයේ දී තත්පර 46.60 ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

අසංක ඉන්ද්‍රජිත් රන් පදක්කම දිනා ගත්තේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ අවසන් තරගය තත්පර 52.00 ක කලායකින් පහසුවෙන් ජයගනිමින්.

මලයාසියානු විවෘත මළල ක්‍රීඩා ශූරතා තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දිවයිනට පැමිණීමට නියමිතයි.