Friday, April 26, 2024

General line - 0115112241

ගාසා තීරයේ දරුණු ගැටුම්: 55ක් මරුට

දිනුක් හේවාවිතාරණ- විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පලස්තීනය සහ ඊශ්‍රායලය දේශසිමාව වන ගාසා තීරයේ ඇතිවු දරුණු ගැටුම් හේතුවෙන් පලස්තීන් ජාතිකයින් 55කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 2700 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකාව විසින් ජෙරුසලමේ තානාපති කාර්යාලය විවෘත කිරිමට එරෙහිව ඊයේ (13) දිනයේදි ගාසා තිරයේ ඇතිවු මෙම ගැටුම් සදහා 20,000 කට අධික පලස්තීන වැසියන් සහභාගිවි තිබෙනවා.

පලස්තීනය ප්‍රකාශ කරන්නේ තමන්ගේ නව රාජ්‍යයේ අගනුවර වන්නේ ජෙරුසලම බවයි. 

නමුත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කලේ ටෙල් අවීව් හි මීට පෙර පිහිටා තිබු ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙන යන ලෙසයි. ඊට හේතුව ලෙස ඔහු සදහන් කලේ ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස ඇමෙරිකාව පිලිගන්නා බවයි.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තිරණය ක්‍රියාත්මක විමත් සමග පලස්තීන වැසියන් පුරා සති 06 කට ආසන්න කාලයක් ඊශ්‍රායලයට එරෙහිව ගාසා තීරයේ පැවතී විරෝධතාවයන් මාලාවේ උච්ජතම අවස්ථාව පත්වුනා.

ඊයේ දින ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් ඇතිවු ජීවිත හානි සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම පලස්තීනයේ හමාස් සංවිධානය බාරගත යුතු බව ඇමෙරිකාව චෝදනා කළා. ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්නියානු විශේෂ ප්‍රකාශයක් කලේ තම ආත්ම ආරක්ෂාව උදෙසා පලස්තීන වැසියන් ගෙන් එල්ලවු ප්‍රහාරයන්ට සිය හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට සිදුවු බවයී.

2014 වසරේදි ගාසා තීරයේ ඇතිවු යුධ ගැටුමට පසුව වාර්තාවු භයානකම සිදුවිම මෙය වනවා.

ගාසා තීරයේ දේශසිමාව ආක්‍රමණය කිරිමට උත්සහ දැරු පලස්තීන ජාතිකයින් විසිරුවා හැරිමට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාව ඩ්‍රෝන් යවන යොදා ගනිමින් කදුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කරනු ලැබු බවද වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයේ තත්ත්වය ඉදිරි දින වලදී මිට වඩා අයහපත් අතට පත්වෙනු ඇති බවයි.