Friday, April 26, 2024

General line - 0115112241

බාසිලෝනා පාපන්දු සමාජයේ පුහුණුවීම් සඳහා මෙරට පාසල් සිසුන්ට අවස්ථාව




ශ්‍රි ලංකාවේ පාසල් පාපන්දු ක්‍රිඩාව තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් "නෙස්ලේ මයිලෝ" විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ ලෝක ප්‍රකට බාසිලෝනා පාපන්දු සමාජයේ පුහුණුවීම් සඳහා මෙරට පාසල් සිසුන් 6දෙනෙකු නේවාසික පුහුණුවක් සඳහා යොමු කරමින්.

නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ සඳහන් කළේ ජාතත්‍යන්තර තලයේ ක්‍රීඩා සමාජයක් වෙත ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් යොමු කිරීම අත්දැකීම් රැසක් ලබා ගත හැකි අවස්ථාවක් බවයි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේද මෙහෙයවීම යටතේයි.