Tuesday, April 23, 2024

General line - 0115112241

දකුණේ පැතිරෙන අභිරහස් උණ රෝගය ගැන අනතුරු ඇඟවීමක් (PHOTOS)

හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්




ගාල්ල කරාපිටිය රෝහලේ හදුනා නොගත් යැයි පැවසු රෝගය දරුණු නියෝමෝනියා තත්වයක් බවත් මේ දිනවල දකුණු පළාතේ එම දරුණු නියුමෝනියා තත්වය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බව ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා සඳහන් කරනවා.
 
පසුගිය මාස කිහිපය තුළ යම්කිසි මට්ටමකට තිබු මෙම රෝගය දැන් උච්චතම අවස්ථාවට පත්ව ඇති බවත් මාතර, හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් මේ වන විට රෝගීන් වාර්තා වීමට පටන් ගෙන තිබෙන බව ඔහු සඳහන් කර සිටිනවා. මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවල ඇතුළු තවත් වාට්ටු කිහිපයක මෙම රෝගයට ගොදුරුවූ රෝගීන් බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා කියා සිටියේ. 

වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ වයස අවුරුදු 03 ට අඩු දරුවන්ට මෙම නියුමෝනියා තත්ත්වයට ගොදුරු වුවහොත් ඔවුන්ගේ ජිවිත පවා අවදානම් තත්ත්වයක පවතින බවයි.  

මෙම රෝග තත්ත්වය සම්බන්ධයෙන් සියලුම වෛද්‍යවරුන් එක්වී සොයා බැලු බවත් එහිදී අනාවරණය වුයේ මෙම රෝගයයට හේතු කාරක වන්නේ වෛරස් එකකින් ඇතිවන නියුමෝනියා තත්වයක් නොව ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇති වනදරුණු නියුමෝනියා තත්වයක් බවයි. 

යම් අයුරකින් රෝගයට ගොදුරු වූ දරුවන්, වැඩිහිටියන් ඇත්නම් අනෙක් අයගෙන් ඔවුන් වෙන් කර තැබීම අනිවාර්ය බවත් ඉන් රෝගය ව්‍යාප්තවීම වලක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා. එමෙන්ම රෝගීන් බැලීමට රෝහලට පැමිණීමේදී කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් හා වයස්ගත පුද්ගලයින්ට නොපැමිණෙන්නැයි වෛද්‍යවරයා උපදෙස් දුන්නා. රෝහල් කාර්ය මණ්ඩලයේ සහ රෝගීන්ගේ ආරක්ෂාව උදෙසා මුඛ වැස්මවල් භාවිතා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව ඔහු පවසනවා.

මෙම රෝගයට ගොදුරුවූ දරුවන්ට උණ සමග බඩ බුරුලට යෑමේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහල් ගත කරන මෙන් දෙමවුපියන්ට දැනුම් දෙනවා.

මෙම නියුමෝනියා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මේ දිනවල වැඩිපුර ජනයා ගැවසෙන ස්ථානවල හිදිමෙන් වලකින ලෙසත්, නිතරම යහපත් සෞඛ්‍ය පුරුදු වලට යොමු වන මෙන්ද මහජනතාවට දැනුම් දෙන බවයි විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.