Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන සංගක්කාර ගෙන් ප්‍රකාශයක්

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා. කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කි‍්‍රඩා අමාත්‍යාංශයේදී ඊයේ (15) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර කියා සිටියේ ඉදිරියේදී පැමිණෙන ක්‍රිකට් නිලවරණයට තමාගේ කිසිදු සම්බන්ධයක්  නොමැති බවත් තමා සිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව සහ ව්‍යුහය වෙනස් විය යුතු බවත් ඉන් ඉදිරියේදී කවුරුන් ක්‍රිකට් ආයතනයට තේරී පත්වුවත් ක්‍රිකට් ව්‍යුහය සහ ව්‍යවස්ථාව ශක්තිමත්ව තිබෙනු ඇති බවයි.