Thursday, March 28, 2024

General line - 0115112241

ගාස්තු වැඩි කළත් ප්‍රයිවට් බස් පරණ මිලටම ටිකට් කඩලා (UPDATE)

පසන් වික්‍රමතිලක




කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද බස් ගාස්තු සංශෝධනය ශ‍්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (16) සිට ක‍්‍රියාත්මක කර තිබෙනවා.

එහෙත් පෞද්ගලික බස්රථ අදත් මගීන්ගෙන් අය කළේ පැරණි  බස් ගාස්තුවමයි. 

ඉකුත්දා සිදු කෙරුණු ඉන්ධන මිළ වැඩිකිරීම සැලකිල්ලට ගෙන බස්ගාස්තු සියයට 6.56කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. එහෙත් මෙම ගාස්තු වැඩි කිරීම ප‍්‍රමාණවත් නොවන බවයි පෞද්ගලීක බස් හිමියන් පවසන්නේ.

සංශෝධිත නව ගාස්තු ක‍්‍රමය ඔවුන් අද සිට ක‍්‍රියාත්මක කර නොමැත්තේද ඒ අනුවයි. අවම බස් ගාස්තුව රුපියල් 15ක් දක්වා සහ සෙසු බස්ගාස්තු සියයට 20කින් වැඩි කරන ලෙස ඉල්ලා අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වීමටද පෞද්ගලික බස්  වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

මේ අතර පෞද්ගලික බස් වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබද සාකච්ජා කිරීමට එම වෘත්තීය සමිතිවල නියෝජිතයන් අද ප‍්‍රවාහන අමාත්‍යංශයට කැඳවා තිබෙනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පැවසුවේ මෙම සාකච්ජාවට සහභාගී වන්නේදැයි පළමුව සිය නියෝජිතයන් සමග සාකච්ඡා කර තීරණය කරන බවයි. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද මෙම සාකච්ජාවට සහභාගී වන්නේදැයි තවමත් තීරණයක් කර නැහැ.  

කෙසේ වෙතත් ප‍්‍රවාහන අමාත්‍යංශය කළ කැඳවීමට අනුව තමන් අදාළ සාකච්ජාවට සහභාගී වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවා.

 

--------------------------

සංශෝධනයට අදාළ ලංගමට ලැබුණු "නව  බස් ගාස්තු ලේඛණය" මෙන්න

(16-05-2018 06:23)

පසන් වික්‍රමතිලක/ සජිත් තිලකරත්න

 

 

බස් ගාස්තු සියයට 6.56 කින් වැඩි කිරීමට රජය තීරණය කළද වැඩි වූ ප‍්‍රතිශතයත් සමග සංශෝධිත නව ගාස්තු මොනවාදැයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ. 

නෙත් නිවුස් ඒ පිළිබද කළ විමසුමකදී ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ සංශෝධිත නව බස් ගාස්තු අද (16) දිනයේදී නිකුත් කරන බවයි. 

කැබිනට් මණ්ඩලය අනුමත කළ නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක් වූ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුව නැහැ.

කෙසේ වෙතත් නව ගාස්තු සංශෝධනයට අදාළ ගාස්තු ලේඛණය ලංගම බස් රථ සඳහා ලබා දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

(එම ලේඛණය පහතින් දැක්වෙයි)