Saturday, April 20, 2024

General line - 0115112241

grade5.lk ප‍්‍රථම සජීවී පෙරහුරු විභාගය අද




මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන්  නෙත් එෆ් එම් රේඩියෝවේ grade5.lk විසින් පවත්වන ප‍්‍රථම සජීවී පෙරහුරු විභාගය අද (16) පැවැත්වෙනවා.

අද සවස 6.00 සිට රාත‍්‍රී 9.00 දක්වා දිවයිනේ  ඕනෑම තැනක සිට සහභාගී විය හැකි පරිදි පැවැත්වෙන මෙම විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර කට්ටල වෙන්කරවා ගැනීම දැන් සිදු කළ හැකියි.  

ඕනෑම ස්මාර්ට් දුරකථනයකින් grade5.lk ඇප් එක ඩවුන්ලෝඞ් කරගැනීම හෝ grade5.lk වෙබ් අඩවිය වෙත පැමිණ ලියාපදිංචි වී ප‍්‍රශ්න පත‍්‍ර කට්ටලය වෙන් කරවා ගැනීම දැන් සිදු කල හැකි අතර වැඩි විස්තර 0703 00 11 55 දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.

අද පැවැත්වෙන සජීවී විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුවාට හෝ සිසුවියට  Kinder Joy වෙතින් වටිනා ත්‍යාගයක්ද හිමිවනවා.

මෙවර ඊ ස්වාභිමානී සම්මාන උළලේදී වසරේ හොඳම අධ්‍යාපනික යෙදවුමට හිමි රන් සම්මානය දිනා ගනු ලැබුවේද grade5.lk වෙබ් අඩවියයි.