Friday, April 19, 2024

General line - 0115112241

අනුරුද්ධ පොල්ගම්පොල රිමාන්ඩ් (UPDATE)

දිනුක් හේවාවිතාරණ




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද (16) අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහුව ලබන 18 වැනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

--------------------------------

වරෙන්තු ලැබ සිටි හිටපු සභාපති අල්ලයි

(16-05-2018 08:19)

(කසුන් කැළුම්)

 

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 80ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ අධිකරණය මගහැර සිටිමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉකුත්දා අත්අඩංගුවට ගැනීමත් සමග අනුරුද්ධ පොල්ගම්පොල එම ධුරයට පත්කෙරුණා. පසුව එම පත්කිරමටද විවේචන එල්ල වීමත් සමග ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඉකුත්දා පියවර ගත්තා.