Thursday, April 25, 2024

General line - 0115112241

රාමසාන් උපවාසය ඇරඹීම ගැන සෞදියෙන් නිවේදනයක්

දිනුක් හේවාවිතාරණ-විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් සිය රාමසාන් උපවාසය මැයි මස 17 වෙනිදා සිට ආරම්භ කරන බව සෞදි අරාබිය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

සෞදි අරාබිය සඳහන් කරන්නේ "නව සඳ" මෙතෙක් දැකීමට නොහැකි වු බවත් ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා (17) සිට රාමසාන් උපවාස සමය ආරම්භ කිරිමට නියමිත බවයි.

මීට පෙර සැලසුම් කර තිබුනේ රාමසාන් සඳ දැකීමෙන් අනතුරුව උපවාස සමය බදාදා (16) සිට ඇරඹිමට හැකි වනු ඇති බවයි.

පුරා මාසයක කාලයක් මුස්ලිම් බැතිමතුන් විසින් මෙම ශුද්ධවු උපවාස කාලය තුලදි උදෑසන හිරු නැඟ ඒමෙන් පසු හා හිරු බැස යන කාලය තුල ආහාර පාන ආදිය ගැනීමෙන් වැලකී සිටිනු ඇති.