Thursday, April 18, 2024

General line - 0115112241

පෞද්ගලික පාසල් 13ක් සඳහා රජය මැදිහත් වෙයි

චතුරංග සූරියආරච්චි




නාගරීකරණය සහ ජනගහනය ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික හා පළාත් පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමට විශාල තරගයක් පවතින අතර රජය මැදිහත් වී අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මගින් මෙම සමාජ ගැටලුව නිරාකරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා.

එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික විශයමාලාව ක්‍රියාත්මක කරනු ලබන රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට පහසුකම් සැලසීම තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කළ හැකි වන අතර දෙමාපියන්ට දරුවන් පාසලකට ඇතුළත් කිරීමේදී විකල්පයක් එමගින් ඇති කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති රජයේ අනුමත පෞද්ගලික පාසල් 80ක් දැනට පවතින අතර මෙම සියලු පාසල් සඳහා පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් ආදී ප්‍රතිලාභ රජය විසින් නොමිලේ ලබා දෙනු ලබනවා.

ඉන් පාසල් 36කට ගුරු වැටුප් දැරීම සඳහාද රජය විසින් ආධාර කරනු ලබනවා. මෙම අනුග්‍රහයන් තවත් පුළුල් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්නායක පදනම් කර ගනිමින් තෝරා ගනු ලැබ ඇති, දරුවන්ට ගුණාත්මක හා තරගකාරී අධ්‍යාපනයක් ලබා දීමට හැකියාව ඇති දැනට රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල් 13ක් රජයේ අනුග්‍රහය ලබන පාසල් ලෙස සලකා කටයුතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.