Tuesday, April 23, 2024

General line - 0115112241

රට පුරා හෙට වෛද්‍ය වර්ජනයක්

ලහිරු කපුගේ




හෙට (16) උදෑසන 08 සිට එක්දින දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිීරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තිරණය කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිව සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමට සහ ඉන්දියාව සමග එට්කා ගිවිසුමේ ඉදිරි කටයුතු අත්තනෝමතික ලෙස සිදුකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදු කරන බවයි. 

වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරතවුවද හදිසි ප‍්‍රතිකාර සාමාන්‍ය පරිදි සිදුකරන බවද වැඩවර්ජනය මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝග ප‍්‍රතිකාර ඒකක සහ හමුදා රෝහල්වල සිදු නොකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.