Saturday, April 20, 2024

General line - 0115112241

බයිසිකලයෙන් තරඟ කළ මන්ත්‍රීන්ගේ පත්වීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි

අධිකරණ වාර්තාකරු




මහරගම නගර සභාව සදහා තේරී පත්වූ මෝටර් සයිකලයෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමේ සාමාජිකයන් නාගරික මන්ත්‍රීවරුන් ලෙසට කටයුතු කිරීමට නුසුදුසුකම් ලබන බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම අද (16) දින අභියාචනාධිකරණයේදී කැදවු අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, එම කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ මහරගම නගර සභාවට තේරී පත් වූ නාගරික මන්ත්‍රීවරුන් 23 ට ජූනි මස 28 දා අධිකරනයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලදී. 

මහරගම නගර සභාවට තේරී පත් වූ සභිකයින් මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවත් ඔවුන් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බැවින් එය පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු පවසා සිටියි.

මෙම පෙත්සම මහරගම ප්‍රදේශයේ ජන්ද දායකයකු වන චන්ද්‍රසේන පෙරේරා මහතා විසින් ගොනු කර තිබුණි .