Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට පළමු සුළං විදුලි උද්‍යානය මන්නාරමට

දිනුක් හේවාවිතාරණ/චතුරංග සුරියආරච්චි




මහා පරිමාණ සුළං බලාගාර ක්‍රියාත්මක කිරීමේදී සුළං බල උද්‍යාන ලෙස සංවර්ධනය කිරීම සදහා මිට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතියට අනුව එහි ප්‍රථම පියවර ලෙස මන්නාරම දුපතේ මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් සුළං බල උද්‍යානයක් ඉදි කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවට අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී අනාවරණය වුනා. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදීමට නියමිතය.

ඒ අනුව අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම්ද සහිතව මන්නාරම දුපතේ මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් සුළං බල උද්‍යානයක් ඉදී කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්කමක කිරීමට නියමිතය. 

පොසිල ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය මිල අධික වීම හා පාරිසරික වශයෙන් අහිතකර තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් වර්තමානය වන විට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ප්‍රභවයන් කෙරෙහි ගෝලීය අවධානය යොමු වී තිබෙනවා. මේ වන විට සුළං මගින් හා සුර්යය ශක්තිය මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.