Wednesday, April 24, 2024

General line - 0115112241

මන්තී‍්‍ර විමල්ට එරෙහි නඩුවක් අගෝස්තු 06ට කල්යයි

අධිකරණ වාර්තාකරු       




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද නඩුවක් ලබන අගෝස්තු මස 06වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (16) නියම කළා. 

විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපළ අයථා ලෙස උපයාගෙන ඇතැයි ඔහුට චෝදනා කරමින්. ඉඩම් සහ වාහන මිලදී ගැනීමේ සිද්ධීන්ද, බැංකු ගිණුම්වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධීන්ද ඊට ඇතුළත් වනවා. 

පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති පරිගණක සාක්ෂි සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය තීරණය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගේ නිතීඥවරුන් පැවසුවේ. නඩුව ලබන අගෝස්තු මස 06වනදා කැඳවීමට නියෝග කෙරුණේද ඒ අනුවයි.