Monday, July 23, 2018
Hotline - 0770586666

බස් ගාස්තුව 12.5% කින් ඉහල දැමීමට අවසර : බස් වර්ජනය අවසන්

සජිත් තිලකරත්න / දිනුක් හේවාවිතාරණ

3167Views

 

අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කල බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජන් කියා සිටිනවා.

ඒ ජනාධිපති විශේෂ නියෝජිත අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සමග පවැති සාකච්ජාවකදී රජය විසින් මිට පෙර ලබාදී තිබු 6.57% බස් ගාස්තු වැඩිකිරීම 12.5% දක්වා ඉහල දැමීමට අවසර ලබාදීමත් සමගයි.

ඒ අනුව රු.10ක් ව පැවති අවම ගාස්තුව රු. 12 දක්වා ඉහළ දැමීමටද අවසර හිමිව තිබෙනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹීමට තිබු බස් වර්ජනයෙන් තම සංගමයද ඉවත් වන බව පෞද්ගලික ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසනවා.