Thursday, April 25, 2024

General line - 0115112241

රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ /තරංග රුක්ෂාන්




ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය අදින් (18) ආරම්භ වනවා.

උපවාසයේ යෙදීම පමණක් නොව වෙනත් ගුණාංග ජීවිතයට එක්කර ගැනීමද මෙහිදි සිදුවන බවයි ඒ පිළිබද අදහස් දැක්වූ ඉස්ලාමීය තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති මොහොමඞ් මන්සුර් දහලන් පැවසුවේ.

රාමසාන් උපවාස සමය මාසයක් පුරා පැවැත්වීමට නියමිතයි. 
 

---------------------------

 රාමසාන් උපවාසය සිකුරාදා ඇරඹෙයි 

(16-05-2018 23:16)

 

නව සද දර්ශනය වීමත් සමග ශ්‍රී ලංකා ඉස්ලාම් බැතිමතුන් ලබන සිකුරාදා (18) අලුයම සිට රාමසාන් උපවාස සමය අරඹන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය නිවේදනය කළා.

මීට පෙර සෞදී අරාබිය ඇතුළු බහුතරයක් මුස්ලිම් රටවල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව සද දර්ෂණය නොවීම හේතුවෙන් හෙට (17) සිට රාමසාන් උපවාසය සමය ඇරඹීමට පියවර ගන්නා බවයි.