Thursday, March 28, 2024

General line - 0115112241

උතුරු කොරියාවේ කෝපයට අමෙරිකාවෙන් පිළිතුරු

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව සමග පැවැත්වීමට නියමිත සාකච්ජා අවලංගු කරන බවට උතුරු කොරියාව තර්ජනය කර තිබියදීත් සැලසුම් කල පරිදි සමුළුව පැවැත්වෙනු ඇති බවට ධවලමන්දිරය විශ්වාසයෙන් පසුවන එහි ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් සදහන් කරනවා.

සමුළුව පැවැත්වෙනවා නම් එයට සහභාගිවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානමින් පසුවන බව ධවල්මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරනවා.

දකුණු කොරියාවත් සමග පැවැත්වෙන යුධ අභ්‍යාසයට විරෝධය පළකරමින් උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සමුළුව අහෝසි කිරීමට සහ අහෝසි කරන බවට දැනුම් දී තිබු න්‍යෂ්ටික වැඩපිලිවලින් පවා ඉවත් වන බවයි. එමෙන්ම දකුණු කොරියාව සමග පැවති සියලුම සාකච්ජා වලින් ඉවත් වීමටද උතුරු කොරියාව පියවර ගනු ලැබුවා.

උතුරු කොරියාව සමුළුවට එනවානම් මාත් එයට එනවා, නමුත් ඔවුන් එයින් ඉවත් වෙනවානම් අපි අපේ ක්‍රමවේදයට අනුව වැඩකරනවා යැයි ජනාධිපති ට්‍රම්ප් පැවසූ බව ධවලමන්දිර ප්‍රකාශිකාව මෙහිදී කියා සිටියා.