Wednesday, April 24, 2024

General line - 0115112241

ආගමන විගමන නිලධාරින් තාවකාලිකව සටන අතහරී (UPDATE)

ඩිල්ෂාන් මඩවල / සජිත් තිලකරත්න




ශීී‍්‍ර ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයද ඊයේ (17)  ආරම්භ කළවෘත්තීය සමිති අරගලය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

------------------------------------------

ගුවන්තොටේ සහ වරායන්හි ආගමන විගමන නිලධාරිනුත් වෘත්තීය සමිති අරගලයක

17-05-2018 07:36

ශීී‍්‍ර ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයද අද (17) වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කරනවා. සිය සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සඳහා වූ ඉල්ලීම් 03ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති අරගලය සිදු කරන බවයි ඔවුන් කියා සිටියේ. 

සේවා ව්‍යවස්ථාවක් අනුමත කරගැනීම, නඩු පැවරුම් අංශය යලි ස්ථාපිත කර ගැනීම සහ විදේශ දුත මණ්ඩල සඳහා සිය නිලධාරින් අනියුක්ත කිරීම යන මුලික කරුණු 03 පිළිබඳව මීට මාස 06 ක සිට ජනතාව සහ බලධාරීන් දැනුවත් කල බවත් මෙතෙක් ඒ ගැන කිසිදු පියවරක් නොගැනීම නිසා අද දහවල් 12 ට නිහඩ විරෝධතාවයක නියැලීමෙන් අනතුරුව අද මධ්‍යම රාත්‍රී 12 සිට වැඩවර්ජනයක් ඇරඹීමට තීරණය කල බව ශීී‍්‍ර ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංමයේ සභාපති අරුණ කනුගල මෙහිදී  කියා සිටියා.

යෝජිත නිහඬ විරෝධතාව කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිටදී සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අද මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කෙරෙන අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ගුවන් තොටුපළේ මෙන්ම වරායන්හි දෛනික කටයුතු වලටද බලපෑම් ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

තම නිලධාරින් අවම පහසුකම් යටතේ කටයුතු කරන බවත්, යම් අවස්ථාවන් වලදී තම රාජකාරිමය රාමුවෙන් එපිටට ගොස් තම සේවාවන් සැපයු බවත් අකුරට වැඩකිරීම තුලින් යම් ආකාරයෙන් ගුවන්තොටුපල තුල යම් ප්‍රමාදයක් සහ ගුවන් මගින් ප්‍රතික්ෂේප වීම සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. 

මෙම වෘත්තීය සමිති අරගලය ආරම්භ කිරීමට පෙර සාකච්ඡා මගින් සිය ගැටලූ විසඳා ගැනිමට තමන් තවදුරටත් උත්සහ කරන බවද ශීී‍්‍ර ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය මෙහිදී කියා සිටියා.