Friday, March 29, 2024

General line - 0115112241

පොදු ප්‍රවාහන සේවා ගැන රජයේ අවධානය ප්‍රමාණවත් නැහැ - රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න

ඩිල්ෂාන් මඩවල




පොදු ප‍්‍රවාහන සේවා සම්බන්ධයෙන් රජය දක්වන අවධානය තවමත් ප‍්‍රමාණවත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනේදීයි. 

පසුගිය රජය විසින් වසර 10 තුලදී අධිවේගී මාර්ග කිලෝමීටර් 160 ක් සාදා ඇති බවත් වර්තමාන රජය මගින් පසුගිය වසර 03 ක කාලය තුලදී අධිවේගී මාර්ග සදහා කිලෝමීටර් 195ක් සැදීම සදහා කොන්ත්‍රාත් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මාර්ග සදිමෙන් පමණක් මෙය සිදුකල නොහැකි බවත් අලුතින් බස් රථ සේවයට එකතු කිරීම සහ දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීමද සිදුකල යුතු බව මෙහිදී කියා සිටියා.

අධිවේගී මාර්ග ඉදිකිරිම සම්බන්ධයෙන් රජයේම විවිධ පාර්ශව අතර ඇති මතගැටුම් පිළිබඳවද මෙමවැඩසටහනේදී ප‍්‍රශ්ණ කෙරුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජය තුල යම් අවස්තාවන් වලදී අධිවේගී මාර්ගයට මුදල් යොදනවද දුම්රිය වෙනුවෙන් මුදල් යොදවනවද යන්න ගැන සංවාදයන්  පවතින බවත් නමුත් එය මතගැටුම්  නොවන බව කියා සිටියේ 

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)