Thursday, April 25, 2024

General line - 0115112241

දඹුල්ලේ නිවාස සහ වෙළඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි

අශෝක එරමිණිගම්මන




දඹුල්ල නගරයට සහ තදාසන්න ප‍්‍රදේශවලට ඇදහැලූන තද වැසි හේතුවෙන් ඇළ මාර්ග කිහිපයක් පිටාර ගලා තිබෙනවා. දඹුල්ල නගරයේ වෙළඳසැල් දෙකක් හා ඉහළ ඇරැව්වල ප‍්‍රදේශයේ නිවාස 05ක්ද ජලයෙන් යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මෙම නිවාසවල වැසියන් ආපදා සහන සේවකයින් විසින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. 

මේ අතර තලවකැලේ ප‍්‍රදේශයේදි දුම්රිය මාර්ගය මතට පස් කන්දක කොටසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේවනවිට ඉවත් කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඊයේ (16) පස්වරුවේයි මෙම ආපදාව සිදුවුණේ.