Thursday, April 25, 2024

General line - 0115112241

යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සමරන්න උතුරේ ඉහළ සූදානමක් (PHOTOS)

මාධව කුලසුරිය




යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිකිරිම සඳහා උතුරේ දේශපාලඥයන් ඉතා  ඕනෑකමින් සූදානම් වෙමින් සිටින බවට නෙත් නිවුස් වෙත වාර්තාවුණා. මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ විශේෂ සැමරුම් උත්සවයක් සංවිධාන කර ඇති අතර එහි කටයුතු සොයා බැලීමට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ද පෞද්ගලිකවම එම ප‍්‍රදේශයේ සංචාරය කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් විසින්ද විවිධ සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා. මෙම සියලූ සැමරුම් උත්සව හෙට පැවැත්වීමට නියමිතයි. හෙට දිනය උතුරු පළාතේ ශෝක දිනයක් කිරීම සඳහා වු යෝජනාවක්ද උතුරු පළාත් සභාව ඉකුත් දා සම්මත කළා.