Thursday, April 25, 2024

General line - 0115112241

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්

දිනුක් හේවාවිතාරණ




දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

නෙත් නිවුස් කල විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න සඳහන් කලේ කාන්තා ගුවන් භට පුහුණුවීමක් අතර වාරයේදී සිදුවූ අත්බෝම්බ පිපිරීමක් හේතුවෙන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ කාන්තා ගුවන් භට සෙබළිය සහ අනෙක් සෙබළුන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සදහා දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.