Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ නගර සභාවේ දැන්වීමක් සමාජය කළඹයි

ඉෂාර සුපෙම් මානගේ




කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව පළකළ පුවත්පත් දැන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එය අත්වැරදීමකින් පළ වූවක් බවයි කොළඹ නගරාධිපති රෝසි සේනනායක පවතා ඇත්තේ.

කොළඹ නගර සභාවේ පවතින පුරප්පාඩු පිළිබඳව ඊයේ (16) පළකළ පුවත්පත් දැන්වීමක සඳහන්ව තිබුණේ බල්ලන් අල්ලන්නා හා බල්ලන් විනාශකරන්නා යන පුරප්පාඩු පිළිබඳවයි.

එම තනතුරු දෙකට අමතරව ගවයන් අල්ලන්නා යන තනතුරක් සඳහාද අයදුම්පත් කැඳවා තිබුණා.

(එම දැන්වීම පහතින් දැක්වෙයි)