Friday, March 29, 2024

General line - 0115112241

වෛද්‍ය වැඩවැරුමෙන් රෝගීන් අමාරුවේ (PHOTOS)

ඩිල්ෂාන් මඩවල/ ජූඩි සමන්ත/ඩබ්ලිව් ඒ පියතිලක/මාධව කුලසූරිය/ රවීන්ද්‍ර චන්ද්‍රලාල්




වෛද්‍යවරුන් වැඩවර්ජනයක යෙදී සිටීම හේතුවෙන් රටපුරා බොහෝ රජයේ රෝහල්වල ප‍්‍රතිකාර කටයුතු මේවනවිට අඩාල වි තිබෙනවා. රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවන ලද මෙම වැඩවර්ජනය ආරම්භ කෙරුණේ අද (17) උදෑසන 08ටයි. ඒ අනුව ප‍්‍රතිකාර සඳහා රෝහල්වෙත පැමිණි රෝගීන් පීඩාවට පත්ව සිටිනවා. ඇතැම් රෝගීන්ට හැරී යාමටද සිදුව ඇති බවයි  නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරි සංගමය විසින් දියත් කල වැඩවර්ජනය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක වැඩකටයුතු වලට බාධා එල්ල වී ඇති බව අප නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. ගාල්ල කරාපිටිය රෝහලේ මේ වන විට දෛනික සායන වලට සහභාගිවීමට පැමිණි රෝගීන් විශාල සංඛ්‍යාවක් මේ වන විට එම සායන නොපැවැත්වීම නිසා අපහසුතාවයට පත්ව ඇති බව නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු සදහන් කළා. එමෙන්ම ගාල්ල කරාපිටිය රෝහලේ අත්‍යාවශය රෝගීන් වාට්ටු වල සේවා ක්‍රියාත්මක බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ.

නුවරඑළිය, වවුනියාවේ, පොලොන්නරුව, දඹුල්ල, මාතලේ ඇතුළු රෝහල්වලද පවතින්නේ මීට සමාන තත්ත්වයක්. 

පීඩාවට පත් රෝගීන් කිහිපදෙනෙකුද එහිදී නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ සිංගප්පූරු නිදහස් වෙලඳ ගිවිසුමට විරෝධය පළ කරමින්. මෙම ගිවිසුම හකුලා නොගතහොත් ඉදිියේදී වෙනත් ක්ත්‍ෂ්ත‍්‍රවල වෘත්තීය සමිතිද එක්කර ගනිමින් වඩා ප‍්‍රභල වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලටද එළඹෙන බව ඔවුන් කියා සිටියා.