Thursday, April 25, 2024

General line - 0115112241

ශී‍්‍රලනිපයේ තනතුරු වෙනසක් අද නැහැ

සජිත් තිලකරත්න / ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම විශේෂ හෝ තීරණාත්මක එකක් නොවන බව එහි උප සභාපතිවරයෙකු වන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ පවසනවා. ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවට වන සිය යෝජනාව පිළිබඳ මෙම සාකච්ඡාවේදී තීරණයක් ගනු ඇති බවයි. 

එමෙන්ම ඉහළ තනතුරු වෙනස් කිරීම ඇතුලූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන පිළිබඳවද මෙහිදී තිරණ ගැනෙනු ඇතැයි ඔවුන් කියා සිටියා. එහෙත්, එවැනි සූදානමක් මේ දක්වා නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමේදී රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ අවධාරණය කළේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැුස්වන්නේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.