Thursday, April 25, 2024

General line - 0115112241

වාන් දාන හැටි බලන්න එන පිරිස වැඩි වෙලා (PHOTOS)

අශෝක එරමිණිගම්මන




දඹුල්ල-කණ්ඩලම ජලාශය අවට ප්‍රදේශයට ඊයේ (16 ) පස්වරුවේ මිලිමීටර් 117 ක වර්ෂාපතනයක් ලැබීමත් සමග ජලාශය අඟල් හයක් පමණ වාන් දමමින් තිබෙන බව වාරි ඉංජිනේරු එම්.එච්.එම්.ආර්. බණ්ඩාර කියා සිටියා.

ජලාශය වාන් දැමීමත් සමග එය දැක ගැනීමට ජනතාව වැඩි වශයෙන් මෙම ස්ථානයට පැමිණීම හේතුවෙන් අදාළ ස්ථානය අවට රථ වාහන පොලිසියෙන් යෙදවීමටද සිදුව තිබෙනවා.

මේ අතර කණ්ඩලම ජලාශය වාන් දැමීමත් සමග කලාවැවේ ජල මට්ටම ඉහළයාම නිසා එහි වාන් දොරටු දෙකක් අඩි හය බැගින් විවෘත කර තිබෙනවා. ඉන් තත්පරයට ඝන අඩි 7100 ක ජල ධාරිතාවයක් මුදා හැරීමට පියවර ගෙන ඇතැයි එහි වාරි ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසුවා.