Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපය රැස්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර/ දිල්ෂාන් තුෂාර




තමන්ද අද (17) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 16යේ කණ්ඩායම පවසනවා.

ඒ, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි අපේක්‍ෂාවෙන්.

හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවට වූ යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරුණු ඇති බවයි. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (17) රාතී‍්‍ර 7.00 ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවීමට සූදානම් කර තිබුණා.

පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් පමණක් එහිදී සාකච්ඡා වනු ඇති බවටද වාර්තා පළ වනවා.